පැරදුණේ ඇයි..? ස්වාධීන මන්ත්‍රීවරුන් කියන කතාව..

Report

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අපෙක්ෂයෙකු නම් කිරිමට, සමගි ජන බලවේගය ප්‍රමාද වීම විපක්ෂය ඡන්දය ජරාජය වීමට හේතුවෙක් වු බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ ස්වාධින වු මන්ත්‍රී කණ්ඩායම කොළඹ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එසේම, ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ මේ වනවිට සමගි ජනබලවේගය ආණ්ඩුවේ කොන්ත්‍රාතුවක් ඉටු කරමින් විපක්ෂය භේද කිරිමේ ක්‍රියාවලියක නිරත වී සිටින බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now