කෙහෙල්බද්දර පද්මෙට හොර පාස්පෝට් හැදු ආගමන පාලකවරයා අත්අඩංගුවට

Sri Lanka Sinhala news
By Akash May 27, 2025 05:50 AM GMT
Akash

Akash

Report

විදෙස්ගතව සිටින කෝරලගමගේ මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැති සංවිධානාත්මත අපරාධකරුට ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කර දිම සම්බන්ධයෙන් සැකපිට සහකාර ආගමන විගමන පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඇඟිලි සළකුණු නොමැතිව පද්මසිරි නැමැත්තාගේ විදෙස්ගමන් බලපත්‍රය සකස්කර දී ඇත්තේ අත්අඩංගුවට ගත් අදාළ නිළධාරියා බවට සැක කෙරෙන බවයි.

හිටපු ඇමතිට දින දෙකක් සිහි නෑ...එන්නතක් විෂ වෙයි

හිටපු ඇමතිට දින දෙකක් සිහි නෑ...එන්නතක් විෂ වෙයි

පද්මසිරි නැමැත්තාට විදේශගමන් බලපත්‍රය සැකසිමට කටයුතු කල තවත් සැකකරුවන් දෙදෙනෙක් මිට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය පැවසුවේ ඔවුන් දෙදෙනා පද්මසිරි නැමැත්තාගේ ඡායාරූපය වට්සැප් මඟින් ලබාගෙන එය සංස්කරණය කර විදෙස් ගමන් බලපත්‍රය සැකසිම සඳහා ආගමනවිගමන දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවට විමර්ශන වලදී හෙළිවු බවයි.

කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම්වරයාත් රිමාන්ඩ්

කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම්වරයාත් රිමාන්ඩ්

පද්මසිරි නැමැත්තා 2014 වර්ශයේ ලබාගත් විදෙස්ගමන් බලපත්‍රයකින් 2021 වර්ශයේදී විදෙස්ගතව ඇති අතර පසුගිය වසරේදී (2024) දී එය කල් ඉකුත් වි තිබෙනවා.

මීට අමතරව පද්මසිරි නැමැත්තාගේ ඡායාරූපය ඇතුලත් කර වෙනත් නම් දෙකකින් මේ වසරේදී ව්‍යාජ ලෙස තවත් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ලබාගෙන ඇති බවට දැනට සිදුකල විමර්හන වලදී අනාවරණය වි ඇතැයි පොලිසිය සඳහන් කළා.

ReeCha