බුද්ධි අංශ වාර්තා නිසා දෙවිනුවර විෂ්ණු දේවාල පෙරහැරේ අලුත්ම තීරණයක්- පොලිස්පතිගෙන් බස්නායක නිලමේට ලිපියක්

Report

දෙවිනුවර ඓතිහාසික උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස පොලීසිය විසින් නිර්දේශ කර තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මෙම නිර්දේශය මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් අද (26) දින උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

දෙවිනුවර විෂ්ණු දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය මේ දිනවල පැවැත්වෙන අතර, එහි කාවඩි නර්තන අංගය ඇතුළත් පෙරහැර ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත්, අදාළ පෙරහැර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී, ජාතික බුද්ධි සේවාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ බුද්ධි තක්සේරු වාර්තා අනුව, සංවිධායකයින් සහ නර්තන ශිල්පීන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් වේ.

ඒ අනුව, ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිතව නිර්දේශ කර තිබේ.

පොලිසියෙන් රැකියා පුරප්පාඩු රැසකට අයදුම්පත් කැඳවයි - අයදුම් කළ හැකි නියමිත දිනය මෙන්න

පොලිසියෙන් රැකියා පුරප්පාඩු රැසකට අයදුම්පත් කැඳවයි - අයදුම් කළ හැකි නියමිත දිනය මෙන්න

එම ලිඛිත දැනුම්දීම අනුව, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් අද දිනයේදී එම තීරණය දෙවිනුවර උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.