ලෝක ක්‍රිකට් කණ්ඩායමට ලංකාවෙන් තේරුණු සුපිරි ක්‍රීඩකයින් දෙන්න මෙන්න.

Sri Lanka Cricket Wanidu hasaranga Charith asalanka Icc cricket team
By Aruna Nov 15, 2021 10:11 AM GMT
Aruna

Aruna

Report

මෙවර ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වඩාත් අගනා ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම අද (15) නම් කෙරුණා.

එහි නායකත්වය හිමිව ඇත්තේ පාකිස්ථාන පිලේ නායක බාබර් අසාම්ටයි.

ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු ද ඇතුළත් කර තිබෙනවා.

එහිදී පිතිකරු ලැයිස්තුව අනුව අංක හතරට චරිත් අසලංක නම් කර ඇත්තේ, ඔහු තරගාවලියේදී ලකුණු 231ක්, 46.1ක සාමාන්‍යයක් සහිතව ලබාගැනීම හේතුවෙන්.

පිතිකරු ලැයිස්තුවේ අංක හත ලෙස වනිඳු හසරංග නම් කර ඇත්තේ තුන් ඉරියව්වෙන්ම ඔහු දැක්වූ දස්කම් හේතුවෙන්.

එහිදී විශේෂයෙන් සළකා බලා ඇත්තේ වනිඳු, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස කඩුලු 16ක්, ලකුණු 9.75ක සාමාන්‍යයකට ලබාගැනීම නිසයි.

ICC ලෝක කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් සහ එංගලන්ත ක්‍රීඩක ජොෂ් බට්ලර් නම් කර තිබෙනවා.

ඊට ඉන්දීය ක්‍රීඩකයන් කිසිවෙකුත් ඇතුළත් නොවීම විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha