ප්‍රබල පිතිකරුවෙකු වූ ඇරන් ජෝන්ස්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් - හේතුව මෙන්න

Report

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වීමට කොළඹට පැමිණ සිටින එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරු ඇරන් ජෝන්ස්ට (Aaron Jones) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ICC නිවේදනය කළේ ඔහුට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් මණ්ඩලයේ (CWI) සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයන් උල්ලංඝනය කිරීමේ චෝදනා 5ක් එල්ල වී ඇති බවයි.

පවන් ගැන “අවධානයෙන් ඉන්නවා” - ජෝ රූට් කියන කතා

පවන් ගැන “අවධානයෙන් ඉන්නවා” - ජෝ රූට් කියන කතා

ඒ අනුව ඔහුට එල්ල වී ඇති චෝදනා ලෙස ඉකුත් 2023-24 වසරේ බාබඩෝස් හි පැවති 'Bim10' තරගාවලියේදී තරග පාවාදීමට උත්සාහ කිරීම හෝ තරග ප්‍රතිඵලයට අනිසි ලෙස බලපෑම් කිරීම, දූෂිත ක්‍රියාවන් සඳහා තමන් වෙත පැමිණි යෝජනා බලධාරීන්ට වාර්තා කිරීමට අපොහොසත් වීම, දූෂණ විරෝධී ඒකකයේ (ACU) නිලධාරීන්ට සහයෝගය නොදැක්වීම සහ සාක්ෂි වසන් කරමින් විමර්ශන කටයුතුවලට බාධා කිරීම දක්වයි.

එමෙන්ම ඇරන් ජෝන්ස්ට මෙම චෝදනාවලට පිළිතුරු දීමට ජනවාරි 28 සිට දින 14ක කාලයක් ලබා දී ඇත.

ශ්‍රී ලංකාව තවත් ස්ථානයකින් පහතට වැටෙයි

ශ්‍රී ලංකාව තවත් ස්ථානයකින් පහතට වැටෙයි

හදිසි තීරණයක් නිසා ජීවිතේ සාර්ථක වෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

හදිසි තීරණයක් නිසා ජීවිතේ සාර්ථක වෙන අද දවසේ ලග්න පලාපල මෙන්න