ජනප්‍රිය රංගන ශිල්පීනී හයිසින්ත් විජේරත්න ජීවිතක්ෂයට පත්ව තිබේ (VIDEO)

By Sewvandhi Jul 31, 2021 01:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නුවරඑළිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පීනී හයිසින්ත් විජේරත්න ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය ගමන්ගත් වෑන් රථය ඊයේ (30) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුල රිය අනතුරුවලින් පුද්ගලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී අදාළ අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවිය.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු ළිඳුල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now


ReeCha