ජල සම්පාදන මණ්ඩලයට හැකර් ප්‍රහාරයක්
Hackers
Water Board
Sinhala news
By Hashini
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවිඩ සේවාව කිසියම් අනවසර ඇතුළු වීමක් දක්නට ලැබෙනවා.
එම ඇතුළු වීම හරහා අදාළ කෙටි පණිවිඩ ද්වාරයේ පාලනය ඔවුන් සියතට ගෙන ඇති අතර පාරිභෝගිකයන් රැසකට කෙටි පණිවිඩ යවා තිබෙනවා.
ඒවායේ දැක්වෙන්නේ ඔවුනගේ දත්ත නැවත ලබාගැනීම සඳහා බිට්කොයින් එක හමාරක මුදලක් ගෙවන ලෙසයි.
එම මුදල බැර කළ යුතු අන්තර්ජාල ගිණුම් ලිපිනයක්ද දක්වා තිබෙනවා.
එම පණිවිඩය මගින් මේ සම්බන්ධයෙන් තමනට දෝෂාරෝපණය නොකරන ලෙසත් වරද රජයේ බවත් කියා ඇත.
