පොඩි ආරවුලක් දුරදිය ගිහින් වුනු දේ - එක්කෙනෙක් මිය ගිහින්

By Zara Apr 11, 2025 06:00 PM GMT
Report

අළුත්ගම පොලිස් වසමේ කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 42ක් වූ කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඝානයයෙන් පසු මරණකාරියගේ සැමියා ඝාතනයට ලක් කිරීමට යොදා ගත් ආයුධය සමගින් පොලීසියට පැමිණ භාර වී ඇති බව පොලීසිය පවසයි.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මරණකාරියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය විසින් සිදුකරනු ලැබූ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 45ක් වූ කුරුඳුවත්ත, දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධව අළුත්ම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

ඉස්සරහට දඩ ගැහුවොත් කරදර නෑ - Gov Pay එකෙන් ගෙවන්න

ඉස්සරහට දඩ ගැහුවොත් කරදර නෑ - Gov Pay එකෙන් ගෙවන්න

නිවසක් තුළ බිහිකළ දරුවා දෙපා මුල වැටි සිටි ගැබිණි මවගේ සහ ළදරුවාගේ මරණය

නිවසක් තුළ බිහිකළ දරුවා දෙපා මුල වැටි සිටි ගැබිණි මවගේ සහ ළදරුවාගේ මරණය