බිරිය මරා පුතා එක්ක එකතු වෙලා මිනියට කරපු දේ.
50 හැවිරිදි කාන්තාවකට පහර දී ඝාතනය කර සිරුර ගෙවත්තේ වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ වැඩිමහල් පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය රිදීමාලියද්ද යකඩහල්පොල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්. සෝමාවතී නමැති 50 හැවිරිදි කාන්තාවක්.
මෙම කාන්තාව 2021 වසරේ සිට අතුරුදන්ව ඇති බවට සැකකරුවන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරුවන්ගෙන් ඇය ගැන ප්‍රශ්න කිරීම් සිදු කර ඇති අතර එහිදී ඇයව ඝාතනය කර වළ දැමූ බවට තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරු සහ මරණකාරීය අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු මරණකාරියට සිදු කළ පහර දීමෙන් ඇය මියගොස් තිබෙනවා.
අනතුරුව ඔවුන්ගේ වැඩිමහල් පුතාගේ සහායෙන් මළ සිරුර ගෙවත්තේ වළ දමා ඇති බවයි රිදීමාලියද්ද පොලීසිය සඳහන් කළේ.
ඒ, අනුව මියගිය කාන්තාවගේ සැමියා වන 70 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔවුන්ගේ වැඩිමහල් පුතා වන 26 පොලිසියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
