බිරිඳගේ දරුණු පොරව පහරකින් සැමියා මිය යයි..සැමියා බිරිඳට කරන්න හැදූ දේ.

Police Murder Sri Lanka Rathnapura
By Aruna Jan 09, 2022 04:31 AM GMT
Aruna

Aruna

Report

සිය බිරිඳ විසින් පොරොවකින් පහරදීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් රත්නපුර රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

කුරුවිට කන්දලන්ද ප්‍රදේශයේ දී ඊයේ (08) රාත්‍රීයේ එම පහරදීම සිදුකර ඇති අතර බරපතළ ත්ත්වයෙන් ප්‍රථිකාර ලබමින් සිටියදී අද (09) අළුයම මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 34 හැවිරිදි කැන්දලන්ද කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු විසින් බීමත්ව පැමිණ බිරිඳට නිරන්තරයෙන් පහරදීම් සිදුකර ඇති අතර, ඒ සෑම අවස්ථාවකදීම බිරිඳ සහ දරුවන් දෙදෙනා අසල්වාසීන්ගේ නිවෙස්වල සැඟවී සිට ඇත.

ඊයේ රාත්‍රීයේද බීමත්ව තියුණු ආයුධයක් සහ ඇසිඩ් බෝතලයක් රැගෙන ආ සැමියා, බිරිඳ මරණ බවට තර්ජනය කරමින් සිට ඇත.

එම අවස්ථාවේදී පොරොවක් රැගෙන පිටුපසින් පැමිණි බිරිඳ, මෙම පහරදීම සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි අදාළ කාන්තාව පහරදීමට යොදා ගත් පොරොවද සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now