මහ මග අභිරහස් ලෙස මියගිය 25 හැවිරිදි තරුණයා..(VIDEO)

By Sewvandhi Sep 29, 2022 06:49 AM GMT
Report

අභිරහස් ලෙස මාර්ගයේ මියගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබේ. අදාළ සිදුවීම වාර්තා වන්නේ හුරිගස්වැව ප්‍රදේශයෙනි.

රිය අනතුරකට ලක්ව අදාළ තරුණයා මියයන්නට ඇති බව පොලීසිය සැකපළ කරයි. තඹුත්තේගම-ගල්නෑව ප්‍රධාන මාර්ගයේ කුරකැප්පෙටියාව ප්‍රදේශයේදී අදාළ මළ සිරුර සොයාගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි. කැකිරාව මහෙස්ත්‍රාත්වරයා අනතුර සිදුවූ ස්ථානය අධීක්ෂණය කිරීමට නියමිතව ඇත.

හුරිගස්වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now