මේ රාජ්‍ය ආයතනවල නව වෙනසක් - මුදල් ගෙවීමට නව ක්‍රමයක්
කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගන්නා රාජ්‍ය සේවාවන් වෙනුවෙන් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ නවීන පහසුකම අද (02) සිට නිල වශයෙන් ආරම්භ කර තිබේ.
"ඩිජිටල්කරණය" ඔස්සේ සමස්ත රාජ්‍ය සේවා පද්ධතියම වඩාත් විනිවිදභාවයකින් යුතු, වේගවත් මෙන්ම ජනතාවට සමීප එකක් බවට පත් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම පියවර ගෙන ඇත.
මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
එහිදී කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය සහ වාහන ආදායම් බලපත්‍ර අංශය වෙත අලුතින් හඳුන්වා දුන් POS යන්ත්‍ර ක්‍රියාත්මක කරමින්, උප්පැන්න සහතික සහ වාහන ආදායම් බලපත්‍ර කිහිපයක් කාඩ්පත් මඟින් මුදල් අයකර ගනිමින් සංකේතාත්මකව නිකුත් කිරීම සිදු කෙරුණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් සහ රාජ්‍ය බැංකුවක පූර්ණ මූල්‍ය මෙන්ම තාක්ෂණික දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ම ආවරණය කෙරේ.
මින් ඉදිරියට මහජනතාවට කිසිදු බාධාවකින් තොරව තම කාඩ්පත් භාවිත කරමින් ආරක්ෂිතව ගෙවීම් කටයුතු නිම කරගත හැක.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, ශීඝ්‍රයෙන් තාක්ෂණිකව දියුණු වන ලෝකය සමඟ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය නවීකරණය කිරීම අත්‍යවශ්‍ය බවයි. මෙම ක්‍රමය හේතුවෙන් මහජනතාවට අතේ මුදල් රැගෙන යාමට සිදුවන අවදානම නැතිවන අතරම, ඉතා කෙටි වේලාවකදී සේවාවන් සපුරා ගැනීමට හැකිවනු ඇත.
මේ ආයතන සියල්ලටම රජයෙන් විශේෂ නීතියක් - සැප්තැම්බර් 30ට කලින් මේ දේ කරන්න නැත්නම් නීතිය ක්‍රියාත්මකයි
එමෙන්ම මූල්‍ය වංචා හෝ මුදල් නැතිවීමේ ප්රවණතා අවම වන බවත්, සියලු ගනුදෙනු නිවැරදිව වාර්තාගත වන බැවින් විගණන කටයුතු පහසු වී රටේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් වන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.