බස් වලින් ගමන් ගන්නා ජනතාවට විශේෂ නිවේදනයක් - ජූලි 06 සිට ක්‍රියාත්මකයි - මෙන්න විස්තරේ
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ සියලු බස් සංගම්වල එකගත්වයෙන් බස් ගාස්තු සංශෝධනය මේ මස 06 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.
ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ චෝදනා කරන්නේ නවීනත්වයට ගැලපෙන පරිදි ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීමට ඇතැම් බස් සංගම් සභාපතිවරුන් බාධා කරන බවයි.
එමෙන්ම මෙරට බස් ගාස්තු 12%කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. මේ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව වන රුපියල් 30 ක මුදල රුපියල් 34 දක්වා ඉහළ යනු ඇත.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ නිල මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මෙම බස් ගාස්තු සංශෝධනය සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.