ඉතිහාසයේ කිසිම අවස්ථාවක වෙළෙඳ හෝ සමුපකාර විෂය භාර අමාත්‍යවරයෙකු විසින් වී මිල නියම කළේ නෑ - ජාතික ගොවිජන එකමුතුව

Report

මෙරට ඉතිහාසය පුරා කිසිදු අවස්ථාවක වෙළෙඳ හෝ සමුපකාර විෂය භාර අමාත්‍යවරයෙකු විසින් වී මිල නියම කර ප්‍රකාශයට පත් කර නොමැති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

සාධාරණ සහ ස්ථාවර වී මිලක් ඉල්ලමින් වත්මන් පාලනයට එරෙහිව ගොවි ජනතාව අතර දැඩි නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇති අතර, රජය විසින් දැනට නියම කර ඇති මිල ගණන් කිසිසේත්ම පිළිගත නොහැකි බව අද (02) පැවැති මාධ්‍ය හමුවකදී එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.

මේ ආයතන සියල්ලටම රජයෙන් විශේෂ නීතියක් - සැප්තැම්බර් 30ට කලින් මේ දේ කරන්න නැත්නම් නීතිය ක්‍රියාත්මකයි

මේ ආයතන සියල්ලටම රජයෙන් විශේෂ නීතියක් - සැප්තැම්බර් 30ට කලින් මේ දේ කරන්න නැත්නම් නීතිය ක්‍රියාත්මකයි

රජය විසින් වී මිල තීරණය කරන අවස්ථාවලදී පමණක් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම ගැන කතා කරන බව පෙන්වා දුන් සභාපතිවරයා, ඉන්ධන, විදුලිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ දමන විට පාරිභෝගිකයා පිළිබඳව මෙවැනි සංවේදීතාවයක් නොදක්වන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ගොවි සංවිධාන පමණක් කැඳවා වී මිල තීරණය කිරීමේ දේශපාලන ක්‍රියාවලිය ඔහු දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

වී මිල තීරණය කළ යුත්තේ රටේ සමාජ-ආර්ථික සාධක මෙන්ම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය වැනි විද්‍යාත්මක ආයතනවල දත්ත මත පදනම්ව බව හෙතෙම පෙන්වා දුන්නේය.

මිස්ටර් කොත්තුට ආයෙත් වැඩ වරදියි - රජයෙන් විශේෂ නියෝග කීපයක් සමඟ සියලු ශාඛාත් පරික්ෂාවට

මිස්ටර් කොත්තුට ආයෙත් වැඩ වරදියි - රජයෙන් විශේෂ නියෝග කීපයක් සමඟ සියලු ශාඛාත් පරික්ෂාවට

මේ හේතුවෙන් පවතින තත්ත්වයට එරෙහිව රජය සමඟ සෘජු මතගැටුමකට එළඹීමට ගොවීන් සූදානම් බවත්, ඉදිරියේදී සියලුම ඒකාබද්ධ ගොවි සංවිධාන එක්ව දැවැන්ත වීදි අරගලයකට අවතීර්ණ වන බවත් ජාතික ගොවිජන එකමුතුව වැඩිදුරටත් අනතුරු ඇඟවීය.