ශ්‍රී ලංකාවේ අනාගත පරිසරය රකින්න එක්සත් ජාතීන්ගෙන් වැඩපිළිවෙළක්

Report

ශ්‍රී ලංකාවේ පාරිසරික ප්‍රමුඛතා ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සහයෝගය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ආසියා සහ ශාන්තිකර කලාපීය නියෝජිතයන් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී (UNCC) අද (2) උදෑසන පැවැත්විණි.

මෙහිදී, එක්සත් ජාතීන්ගේ පරිසර මණ්ඩලයේ (UNEA) 8 වැනි කාර්යාංශ සාමාජිකත්වය සහ ගෝලීය පාරිසරික අරමුදල (GEF) ව්‍යාපෘති හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සහ UNEP අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳව අගය කෙරිණි.

මෙරට ජාතික පාරිසරික ප්‍රමුඛතා සඳහා UNEP හි තාක්ෂණික හා මූල්‍ය සහයෝගය තවදුරටත් ලබාගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මහ බැංකුවෙන් සියලුම ජනතාවට අනතුරු ඇගවීමක් - ප්‍රසිද්ධ ආයතන ලිස්ට් එකක් නිකුත් කරමින් වංචාවක් හෙළි කරයි

මහ බැංකුවෙන් සියලුම ජනතාවට අනතුරු ඇගවීමක් - ප්‍රසිද්ධ ආයතන ලිස්ට් එකක් නිකුත් කරමින් වංචාවක් හෙළි කරයි

මෙම සාකච්ඡාවේදී , UNEA තරුණ යෝජනාව (Youth Resolution) ක්‍රියාත්මක කිරීම සඳහා UNEP ලබාදුන් මඟපෙන්වීමට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ අනුව මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ජාතික වැඩසටහන් පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.

ජාතික පාරිසරික සාක්ෂරතා දර්ශකයක් (National Environmental Literacy Index) සකස් කිරීම, තරුණ පාරිසරික කමිටු සහ විශ්වවිද්‍යාල තරුණ සංසද පිහිටුවීම, මෙන්ම ක්‍රීඩාව තුළින් පරිසරය ප්‍රවර්ධනය කිරීම සඳහා UNEP හි තාක්ෂණික සහය, ධාරිතා සංවර්ධනය සහ ගෝලීය අරමුදල් ලබාගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ජාතික වායු ගුණත්ව නිරීක්ෂණ පද්ධතිය දියුණු කිරීම, දත්ත විශ්ලේෂණය සහ ප්‍රතිපත්තිමය මඟපෙන්වීම් සඳහා UNEP හි සහය ඉල්ලා සිටි අතර තනි භාවිත ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා "වර්ධිත නිෂ්පාදක වගකීම" (EPR) සම්බන්ධ ප්‍රතිපත්ති උපදෙස් තාක්ෂණික විශේෂඥතාව සහ නියමු ව්‍යාපෘති සඳහා ද සහය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ එක්ව විදුලි ප්‍රවාහන (e-mobility) ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් GEF-9 ජාතික උපායමාර්ගය යටතේ ක්‍රියාත්මක "තිරසාර නගර ඒකාබද්ධ වැඩසටහන" සඳහා ද UNEP හි සහය අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දකුණු ආසියානු කලාපීය පාරිසරික දැනුම හුවමාරු වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවේ සක්‍රීය දායකත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි GEF-9 මූල්‍ය චක්‍රය තුළදී ද UNEP හි තාක්ෂණික මැදිහත්වීම ශ්‍රී ලංකාවේ පාරිසරික ප්‍රත්‍යස්ථතාව ඉහළ නැංවීමට අඛණ්ඩව ලැබෙනු ඇතැයිද අපේක්ෂා කෙරේ.  

ජාතික සත්වෝද්‍යානයට වසර 90 යි – සංවත්සරයට වැඩසටහන් රැසක්

ජාතික සත්වෝද්‍යානයට වසර 90 යි – සංවත්සරයට වැඩසටහන් රැසක්