විනාශවු ගුර්ද්වාරයක් ගොඩනැගිල්ල නිසා ඉන්දු පකිස්ථාන හොද හිත යලිත් පලුදු වෙයිද?
ෆරූකබාද් ප්‍රදේශයේ පිහිටි “Gurdwara Sri Guru Singh Sabha Sahib” මෙලෙස විනාශ කිරීම “ඉතා නින්දනීය සහ ඉලක්කගත ක්‍රියාවක්” ලෙස ඉන්දියාව දැඩිව හෙළා දකින බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ඉන්දියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් සඳහන් කළේ, මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකර ගොඩනැගිල්ලට සිදුවූ හානි ප්‍රතිසංස්කරණය කිරීමට පකිස්ථාන රජය කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම සුළුතර ආගමික ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
මෙම ගුර්ද්වාරය ජූනි 24 රාත්‍රියේදී අදාළ බලධාරීන්ගේ අවසර පත්‍රය (NOC) නොමැතිව විනාශ කර ඇති බව පකිස්ථාන බලධාරීහු පවසති. ඉන්දියාව පෙන්වා දුන්නේ මෙය හුදකලා සිද්ධියක් නොවන බවත්, පකිස්ථානයේ සුළුතර ආගමික ස්ථාන ඉලක්ක කරගත් මෙවැනි සිද්ධීන් කලින්ද වාර්තා වී ඇති බවත්ය.
මේ අතර, සිද්ධියට එරෙහිව ප්‍රදේශයේ සීක් ප්‍රජාව විරෝධතා දැක්වීමෙන් අනතුරුව පකිස්ථානයේ පංජාබ් ප්‍රධාන අමාත්‍ය මරියම් නවාස් මේ පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, විනාශ වූ ගුර්ද්වාරය යළි ප්‍රතිසංස්කරණය කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නියෝග කර ඇත.
පංජාබ් සුළුතර කටයුතු අමාත්‍ය රමේෂ් සිං අරෝරා සඳහන් කළේ, ගොඩනැගිල්ල පිහිටි ඉඩම පිළිබඳ අයිතිය සහ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු ඉක්මනින් ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළේය. ඉදිරි කටයුතු හේතුවෙන් ප්‍රදේශයේ ඇතැම් පදිංචිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන්ගේ නිවාස සහ ජීවනෝපාය අහිමි විය හැකි බව පෙන්වා දෙමින් විකල්ප පහසුකම් ලබාදිය යුතු බවද ඉල්ලීම් කර තිබේ.