හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි - පුද්ගල මරණ ඉහළට
By Ashfa
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කැලෑබද ප්‍රදේශයකට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරින් මියගොස් ඇත්තේ යානයෙහි ගුවන් නියමුවා සහ තවත් මගීන් තිදෙනෙකු බවයි.
කොලොම්බියානු ජාතික සංචාරක මගීන් තිදෙනෙක් මියගිය අතර බ්‍රසීලයට පැමිණෙන සංචාරකයින් සදහා ගුවන් ගමන් සපයනු ලබන සමාගමකට අයත් යානයක් මෙලෙස කඩා වැටී ඇත.
අදාළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු ගින්නක් ද ඇති වී ඇති අතර ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවීමේ අංශ ද එම ස්ථානයට ලගා වී ඇත.