දෙයියනේ.. අවුරුදු 71කට පසුව වෙනවා කීව ඒ දෙය අද නේද වුණේ?. දැක්ක නැති අයට මෙන්න.. (VIDEO/PHOTOS)

Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 08, 2024 02:43 PM GMT
krishani

krishani

Report

අද (08) දිනයේ "යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට පසුව ලාංකිකයන්ට දැක බලා ගැනීමට අවස්ථාව උදා විය.

දෙයියනේ.. අවුරුදු 71කට පසුව වෙනවා කීව ඒ දෙය අද නේද වුණේ?. දැක්ක නැති අයට මෙන්න.. (VIDEO/PHOTOS) | Https 12P Ponce Brooks April 08Th 2024

මෙම වල්ගා තරුව වර්ෂ 1300 ගණන්වල චීන තාරකා විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට නිරීක්ෂණය කරනු ලැබීය.

මෙම වල්ගා තරුව වර්ෂ 1300 ගණන්වල චීන තාරකා විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට නිරීක්ෂණය කරනු ලැබීය.

19 වන සියවසේ දී ප්‍රංශ තාරකා විද්‍යාඥ ජීන් ලුයිස් සහ වර්ෂ 1883 දී බ්‍රිතාන්‍ය අමෙරිකානු තාරකා විද්‍යාඥ විලියම් රොබට් බෲක්ස් විසින් එය නිරීක්ෂණය කර තිබෙනවා.

පසුව එයට නිල පිළිගැනීමක් හිමි වූ අතර එම වල්ගා තරුවට පොන්ස්-බෲක්ස් යන නම ලැබී ඇත්තේ ඒ අනුව වේ.

‘‘යක්ෂයාගේ වල්ගා තරුව‘‘ ලෙස එය වඩාත් ප්‍රචලිත වන්නේ එහි ඇති අයිස් හා වායුව වරින් වර පුපුරා යාම නිසා එම පිපිරීම් වලින් වල්ගා තරුවට යක්ෂ අං ඇති පෙනුමක් ලැබීම හේතුවෙන් ය.

සැතපුම් 18.6ක් පළල ‘‘යක්ෂයාගේ වල්ගා තරුව‘‘ අප්‍රේල් 21 වනදා සූර්යයාට සමීපතම ප්‍රවේශයට ලඟාවීම සිදුවනු ලබන අතර එමගින් අදහස් වන්නේ ලබන සතියේ සිට එය නිවැරදි තත්ත්වයන් යටතේ පියවි ඇසට දැකිය හැකි අවස්ථාව උදාවන බව ය.

මේ අතර, නාසා ආයතනය සඳහන් කළේ ‘‘යක්ෂයාගේ වල්ගා තරුව අප්‍රේල් 10වන දින ‘‘ චන්ද්‍රයාට යටින් ස්ථානගත වන බවත් එම දිනය එය නැරඹීමට සුදුසුම දිනය බව ය.

‘‘යක්ෂයාගේ වල්ගා තරුව‘‘ බ්‍රහස්පති ග්‍රහයාට ආසන්නයට පැමිණෙන්නේ අප්‍රේල් 8 වන දිනයේ දී වේ.

එහිදි වැඩි දීප්තිමත් බවක් නිරීක්ෂණය කළ හැකි වේ.

කෙසේ වෙතත්, අප්‍රේල් 8 වෙනිදා සිදුවීමට නියමිත සූර්යග්‍රහණය සම්පූර්ණ අවධියට හෙවත් පූර්ණ සූර්යග්‍රහණය අතරතුර අහස කළු පැහැයට හැරෙන අවස්ථාවේ තරු කිහිපයක්, ග්‍රහලෝක හයක් සහ මෙම විශේෂ ආගන්තුකයා වන ‘‘යක්ෂයාගේ වල්ගා තරුව‘ දෘශ්‍යමාන විය. 

එය දකුණු ඇමරිකාවට දිස් වුණෙ මෙලෙසින් ය.

වීඩියෝ දර්ශන පහතින්,


GalleryGalleryGalleryGalleryGalleryGallery