පාසල් ළමුන්ට එන්නත්කරණය අරඹයි - ලබා දෙන ආකාරය මෙන්න..

covid19 vaccination School children Ramesh pathirana
By Sithumi Sep 14, 2021 11:36 AM GMT
Sithumi

Sithumi

Report

පසුගිය දා පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ජනාධිපතිවරයා ළමා රෝග විශේෂඥයින්ගෙන් පාසල් දරුවන් සඳහා එන්නත් ලබා දීම පිළිබඳව අධ්‍යයන වාර්තාවක් සකස් කර භාර දෙන ලෙස ඉල්ලීමක් කළ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (සැප්. 14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

"පාසල් විවෘත කිරීමට පෙර විවිධ සංකූලතාවලින් පෙළෙන දරුවන් පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කළ බව බොහොම පැහැදිලිව හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව, එන්නත්කරණය පිළිබඳව ඉදිරියේදී ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ලබා දෙන වාර්තාවට අනුව රජය කටයුතු කරනවා," යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවේදී පාසල් ළමුන්ගේ විභාග ප්‍රතිඵල සම්බන්ධයේ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. "ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව විධිමත් ලෙස නොවුණත් අදහස් ප්‍රකාශ වෙලා තියෙනවා. එහිදී හැකිතාක් ඉක්මණින් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබා දීමේ ක්‍රමවේදයන් පිළිබඳව විශ්ලේෂණය කරන ලෙස ගරු අධ්‍යාපන ඇමතිතුමාට වගකීම් පවරලා තියෙනවා. එතුමන් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now