Face Mask භයානකයි..නවතම චක්‍ර ලේඛනයක්...? (VIDEO)
අවිධිමත් ලෙස බැහැර කරන මුහුණු ආවරණ ,කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්තියට බලපෑ හැකි හෙයින් ඒ සම්බන්ධව වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන මහතා අද දින (05) පාර්ලිමේන්තුවේ දී පැවැති පරිසරය සම්බන්ධ උපදේශක කාරක සභාවේ දී ප්‍රකාශ කළා.
එම අවස්ථාවට සහභාගි වූ එම උපදේශක කාරක සභාවේ සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ පිළිබඳව පරිසර අමාත්‍යාංශය විසින් සකස් කර ඇති වැඩ පිළිවෙළ පැහැදිළි කරන්නැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී තිබෙනවා.
මේ වනවිට පරිසර අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ඒ සම්බන්ධව මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කටයුතු යොදා ඇති බවත්, මධ්‍යම පරිසර අධිකාරිය මගින් එම කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළ බවයි පරිසර අමාත්යංශය නිවේදනය කළේ.
විශේෂයෙන්ම මෙම මාර්ගෝපදේශණ මාලාව ක්‍රියාත්මක කිරීමේ දී පළාත්පාලන ආයතන මගින් එම කටයුතු ඉටු කිරීමට නියමිතයි.
- ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් Face Mask නිවැරදිව භාවිතා කිරීම පිළිබඳව ඉදිරිපත් කර ඇති වීඩියෝ දර්ශන පෙළක් පහතින්,
01.නිවැරදි Mask එකක් තෝරා ගන්නේ කෙසේද ?
02.සර්ජිකල් Mask නිසියාකාරව පලඳින්නේ කෙසේද ?
03.රෙදි (FABRIC) mask නිසියාකාරව පලඳින්නේ කෙසේද ?
04.ළමුන් නිසියාකාරව Mask භාවිතා කළ යුත්තේ කෙසේද ?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |