කොරෝනා ආසාදිත දැයි දැන ගන්නේ කෙසේ ද? ආසාදිත නම් කළ යුත්තේ කුමක් ද?
කොරෝනාවෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති අතර දෛනිකව දහස් ගණනක් ආසාදිතයින් ලෙස හඳුනාගැනෙති. එහෙත්, වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ, වාර්තා වන ආසාදිතයින් ගණනට අමතරව වාර්තා නොවන තවත් ආසාදිතයින් විශාල පිරිසක් සමාජයේ සිටින බවය. එසේ නම් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති දැයි දැන ගන්නේ කෙසේ ද? මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය නිහාල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ.
ඔබට කොවිඩ් රෝගය වැළඳී ඇත්දැයි හඳුනා ගන්නේ කෙසේ ද?
කොරෝනාවෛරසයට ඔබ නිරාවරණය වුවහොත් මුල් දින 3 හෝ 4 තුළ මේ වෛරසය ගුණනය වී ඉන්පසුව රෝග ලක්ෂණ මතු වන බව වෛද්‍ය නිහාල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව, කැස්ස, උණ සහ හිසරදය සමග ඇගපත වේදනාව මෙන් ම ගඳ සුවඳ නොදැනීම වැනි මූලික ලක්ෂණ කිහිපයක් මතු වනු ඇත. මෙම තත්ත්වය වෛරසය ශරීරගත වූ දින 4 සිට 7ක් දක්වා දක්නට ලැබෙන බව ඔහු පවසයි. එහෙත්, ඩෙල්ටා ප්‍රභේදය ශරීරගත වී ඇත්නම් කෙටිකලක් තුළ රෝග ලක්ෂණ මතු වන අතර ඉන්දියන් ඇල්ෆා ප්‍රභේදයේ ද රෝග ලක්ෂණ පෙන්වනුයේ ප්‍රමාද වීමෙනි.
ආසාදිතයෙකු බව තහවුරු වුවහොත්?
ඔබගේ PCR පරීක්ෂණය හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය හරහා ඔබ ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් පළමුවෙන් ම ඔබේ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා ලියාපදිංචි විය යුතුය. බොහෝ විට ඔවුන්ගේ පිළිතුරු ප්‍රමාද විය හැකිය. එයට හේතුව දැනට වාර්තාවන් කොවිඩ් රෝගීන් ධාරිතාව ඉහළ මට්ටමක පැවතීමය.
මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්බන්ධ වන තුරු 1904 අංකයට නම, වයස, ජාතික හැඳුනුම්පත් අංකය කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් අනතුරුව 1390 යන දුරකතන අංකය ඔස්සේ සෞඛ්‍ය පිළිවෙත් සහ උපදෙස් ලබාගෙන නිවස තුළ නිරෝධායනය විය යුතුය.
මේ අතර, අලුත් විකෘතිතා ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ ” සුපිරි ඩෙල්ටා” ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරැඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා .
මේ අතර කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවට හඳුනාගෙන ඇතැයිද ඔහු සඳහන් කරනවා පිට පළාත්වලද යම් ආකාරයකට ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය පැතිරීමට පටන් ගෙන ඇතැයි පැවසූ ජීවන්දර මහතා ,
එන්නත්කරණ ක්‍රියාවලිය සැප්තැම්බර් මස අවසානය වනවිට රටට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසනවා එමෙන්ම එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.
රෝග ලක්ෂණ, ආරක්ශා වීම සියල්ල පහතින්...
https://gagana.lk/article/delta-variant-symptoms-and-covid19-symptoms-1630318536
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |