රෝග ලක්ෂණ මතු වෙන්නේ දින 6කට පස්සෙ..! ලක්ෂණ වලට කලින් බෝ වීම පටන් ගන්නවා..?

covid19 delta symptoms jayawardhanapura university chandhima jeewandhara
By Sewvandhi Aug 30, 2021 10:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ට වයිරසය වෙනත් පුද්ගලයකුට පැතිරවීමේ හැකියාව ආරම්භ වී දින 2 ක් ගතවනතුරුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව අන්තර්ජාතික නේචර් (Nature) සඟරාව අනාවරණය කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මීට අදාළ වාර්තාව උපුටා දක්වා ඇති අතර, එම වාර්තාවට අනුව හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයකු වන බෙන්ජමින් කව්ලිං මීට අදාළ අධ්‍යයනයක නිරතව ඇති බවයි සඳහන් වන්නේ.

එම අධ්‍යයනයේදී හෙළිවී ඇති ආකාරයට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ මතුවීමට පෙර වයිරසය ව්‍යාප්තවීම පැහැදිලිවම ආරම්භ වන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙම ප්‍රභේදය ‘වැළැක්වීම වඩාත් අපහසු’ බව බෙන්ජමින් කව්ලිං ප්‍රකාශ කර තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය පැමිණීමට පෙර සාමාන්‍ය කොවිඩ් ආසාදිතයකුට රෝග ලක්ෂණ මතුවීමට දින 6 කට වඩා ගතවන අතර පස්වන දිනයේ මැද භාගයේදී වයිරස ව්‍යාප්තිය (බෝකිරීමේ හැකියාව) ඇති වෙනවා.

එහෙත් ඩෙල්ටා ප්‍රභේදයේදී වයිරස ව්‍යප්තිය සහ රෝග ලක්ෂණ පෙන්වීම අතර දින කිහිපයක පරතරයක් පැවැතීම බරපතළ තත්ත්වයක් බව මෙම පර්යේෂණය අනාවරණය කරයි. එසේම මෙම පර්යේෂණයට සහභාගි වූවන්ගෙන් 74% කටම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිත පුද්ගලයන්ගෙනුයි.

ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද?

හිසරදය, උගුරේ අමාරුව සහ නාසයෙන් සොටු දියර ගැලීම කොරෝනාවෛරස ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට බහුලව වාර්තා වන රෝග ලක්ෂණ බව එක්සත් රාජධානි පර්යේෂකයෝ පවසති.

එක්සත් රාජධානියේ 'Zoe' කොවිඩ් රෝග ලක්ෂණ අධ්‍යයනය මෙහෙයවන මහාචාර්ය ටිම් ස්පෙක්ටර් පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණ තරුණ තරුණියන්ට "අධික සෙම්ප්‍රතිශ්‍යාවක් මෙන්" දැනිය හැකි බවය.

"මෙම ප්‍රභේදය තරමක් වෙනස් ලෙස ක්‍රියා කරන බව පෙනෙනවා," ඔහු පවසයි. "යම් ආකාරයක සෙම්ප්‍රතිශ්‍යාවක් හැදිලා වගේ කියලා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් සාදවලට පිටත්ව යනවා.

එහෙම ගිහින් ඔවුන්ගෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකුටවත් මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පුළුවන්. "අපි හිතන්නේ මෙය බොහෝ ගැටලුවලට හේතු වන බවයි.

"මෙහි ඇති පණිවිඩය නම්, ඔබ තරුණ නම් ඔබට කොහොමත් ඇතිවන්නේ සුළු රෝග ලක්ෂණ බවයි. "එය නරක සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ අමුතු අසනීප හැඟීමක් වගේ දැනෙන්නට පුළුවන්. එහෙම වුවහොත් නිවසේ නතර වී පරීක්ෂණයක් කරගන්න," මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.

රෝග ලක්ෂණ මතු වෙන්නේ දින 6කට පස්සෙ..! ලක්ෂණ වලට කලින් බෝ වීම පටන් ගන්නවා..? | Delta Variant Symptoms And Covid19 Symptoms

කුමක් ද මේ වෛරසය?

කොරෝනාවෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් 'පවුලකි'. නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනාවෛරසය (nCoV) මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නොතිබිණි.

කොරෝනාවෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. සවිස්තරාත්මක පරීක්ෂණවලින් හෙළි වූයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනාවෛරසය (SARS-CoV) උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනාවෛරසය (MERS-CoV) ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය.

මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනාවෛරස් කිහිපයක් සතුන් අතර සංසරණය වන බව හඳුනාගෙන තිබේ. මෙවැනි වෛරසයක් ආසාදනය වූ පුද්ගලයෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. වඩාත් දරුණු අවස්ථාවලදී, නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදු විය හැක. 

කොරෝනා වෛරස් රෝගයේ ලක්ෂණ මොනවා ද?

කොවිඩ්-19 ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් දක්වා වර්ධනය වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.

මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය.

වඩාත් දරුණු තත්ත්වයකට හැරුණු විට, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, ඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක. 

රෝග ලක්ෂණ මතු වෙන්නේ දින 6කට පස්සෙ..! ලක්ෂණ වලට කලින් බෝ වීම පටන් ගන්නවා..? | Delta Variant Symptoms And Covid19 Symptoms

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now