පූර්ණ එන්නත්කරණය ලැබූවන් ලියාපදිංචි විය යුත්තේ මෙහෙමයි...(VIDEO)

covid19 vaccination register vaccine card batch number
By Sewvandhi Aug 14, 2021 03:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක් කෙරුණු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් මේවනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ, ජාතික කොවිඩ් 19 එන්නත් තහවුරු කිරීමේ ඇමතුම් මධ්‍යස්ථානය මගින්. එලෙස ලියාපදිංචි වීමට නම් කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක මාත්‍රා 02 කම ලබාගෙන තිබීම අනිවාර්යය වනවා.

එලෙස එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති පුද්ගලයින් 1945 ක්ෂණික දුරකථන අංකය හරහා ජාතික කොවිඩ් 19 එන්නත් තහවුරු කිරීමේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා එහිදී ලබාදෙන උපදෙස් අනුව ලියාපදිංචි විය හැකියි.

එලෙස ලියාපදිංචි වීමේදී තමන් සතු කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ් පතෙහි කාණ්ඩ අංකය (Batch Number) ඉදිරිපත් කිරීම අනිවාර්යය වනවා. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now