25 හැවිරිදි තරුණියක් ගුවන් ගත වෙන්න යානයේ ෂීට් 06ක් ගලවයි..ඇය යානයේ ගිය හැටි මෙන්න.(PHOTOS)

Stunt Plane Flying
By Aruna Nov 09, 2022 12:28 AM GMT
Aruna

Aruna

Report

ලොව උස ම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාව හිමි තුර්කි ජාතික Rumeysa Gelgi පසුගිය දා පළමු වරට ගුවන් ගමනක නිරත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇය ඉස්තාන්බුල් සිට සැන් ෆ්රැන්සිස්කෝ දක්වා ගමන් කර ඇති බවයි.

25 හැවිරිදි Rumeysa ප්‍රථම ගුවන් ගමන මෙය වන අතර ගුවන් යානය තුළ අයට අසුන් ගැනීම සඳහා ආසන 6ක් ඉවත් කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, පැය 13ක පමණ වූ ගුවන් ගමනෙහි වැඩි කාලයක් නිදා ගනිමින් යාමට ඇයට සිදු වීම වි‍ශේෂත්වයකි.

Rumeysa Gelgiගේ උස අඩි 7යි අඟල් 7කි.

“මෙය මගේ පළමු ගුවන් ගමනයි, නමුත් එය නිසැකව ම අවසාන ගුවන් ගමන නොවේ,” යැයි ඇය ප්‍රකාශ කර ඇත.

සැප්තැම්බර් මාසයේ මෙම ගුවන් ගමනේ නිරත වී ඇති ඇය ඉදිරි මාස 6 ඇමෙරිකා එක්සත් ජනපදයේ ගත කිරීමට නියමිත ය.

ජීවත්ව සිටින ලොව උස ම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇය 2021 වසරේදී හිමිකම් කීවා ය.

ඇයට Weaver syndrome නම් රෝගී තත්ත්වයක් ඇති අතර ඉන් අස්ථි වේගයෙන් වර්ධනය වන අතර සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGallery