ගෝඨාගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි අතට ගිය හැටි. - අවසානයේ CIDයටත් යයි. - (VIDEO)

Gotabaya Rajapaksa Piumi Hansamali
By Wayomi Apr 17, 2024 04:23 PM GMT
Wayomi

Wayomi

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් වන පියුමි හංසමාලි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත අද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අද(17) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

“මැතිවරණයක් අත ළඟ බවත්, දේශපාලඥයන් තමන් ඉතිරි කර ගත් කළු සල්ලි සියල්ල ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලට එන්නත් කිරීමට නැඹුරු වන බවත්, මුදල් විශුද්ධිකරණයේ යෙදෙන ජනතාවට එය හොඳ කාලයක් වී ඇති බවත් පැහැදිලියි.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය (CBH 1949) පියුමි හංසමාල් ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව අපට යම් සැකයක් තිබෙනවා.

"රේන්ජ් රෝවර් වාහනය දුන්නේ හිටපු ජනාධිපතිවරයාටද නැතිනම් ගෝඨාභය පියුමිට දුන්නාද කියන ප්‍රශ්නය මතුවෙනවා"

"ඒ නිසා අපි නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයට පැමිණිලි කර තිබෙනවා. මූලික පැමිණිල්ල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සමඟ සම්බන්ධ වූ රේන්ජ් රෝවර් රථය සහ එය පියුමි හංසමාලිට පැවරීම සම්බන්ධවයි. මෙම වාහනයේ වටිනාකම රුපියල් මිලියන 100ක් ලෙස ගණන් බලා තිබෙනවා. මෙම වාහනය පියුමි හංසමාලි සන්තකයට පත්වූයේ කෙසේද, එය පැවරීමට හේතුව සහ මූලික වශයෙන් රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීමේ යෙදී සිටින ඇයට මෙතරම් වටිනා වත්කමක් ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වන අතර, පියුමි හංසමාලි මෑතකදී කිසිදු රූපවාහිනියකට පෙනී නොසිටි බව සඳහන්"

"රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවියෙන් තම ජීවනෝපාය සඳහා යැපෙන කිහිප දෙනෙකු මම පෞද්ගලිකව දනිමි. නමුත් ඔවුන් තම දෛනික වියදම් පියවා ගැනීමට ඔවුන්ගේ සාමාන්‍ය ආදායමෙන් වෙහෙසෙති.කෙසේ වෙතත් පියුමි හංසමාලි දිනකට රුපියල් ලක්ෂ ගණන් වියදම් කර සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරන බව වාර්තා වෙනවා."