බුත්තල නිවසක දරුණු ගින්නක් - මව සහ දියණිය ගින්නට අසුවේ
පොලිසිය පවසන ආකාරයට බුත්තල මහගොඩයායේ නිවසක ඇතිවු ගින්නකින් ඒම නිවසේ පදිංචිව සිටි මවක හා දියණියක බරපතල පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ඒ අනුව මෙම ගින්නෙන් කාමරය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනශ වී ඇති අතර ඒහි නිදාසිටි මව සහ වයස අවුරුදු තුන හමාරක් වු දියණිය බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා තිබෙන බවට වාර්තාවේ.
අනතුරෙන් බරපතල තත්වයේ පසුවු මව සහ දියණීය බුත්තල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල මහා රෝහලට යොමු කර තිබේ.
නිවෙස් හිමියා ඒ් අවස්ථාවේ වැසිකිළීයේ සිට ඇති බවත් ඔහු ද පිලිසුසම් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් බුත්තල පොලිසිය ප්‍රකාශ කරයි.