විදුලි කප්පාදු කප්පාදුවක් වනවාද නැද්ද ? මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් පැහැදිළි කිරීමක්
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසන්නේ මේ මොහොතේ විදුලි කප්පාදු අවදානමක් නොමැති බවයි.
අද මාධ්‍ය අමතමින් PUCSL සභාපති කේ. පී. එල්. චන්ද්‍රලාල් මහතා පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලය අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට පොරොන්දු වී ඇති බවයි.
ඔහු තවදුරටත් සදහන් කළේ '' දැනට කිසිදු විදුලි කප්පාදුවක් පුරෝකථනය නොකරමු,” යන්නයි