අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර මැණික් පතලකින්

Report

කහවත්ත - නීලගම මාර්ගයේදී ඉකුත් 28 වැනිදා අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර කහවත්ත, කහවතුකන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබූ මැණික් පතලක තිබී අද (30) සොයාගත් බව කහවත්ත පොලිසිය තහවුරු කරයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඕපනායක, ලෙන්ද කට්ටංගේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. අනුර නැමැති තිදරු පියෙකි. දින කිහිපයක් තිස්සේ ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් කහවත්ත සහ ඕපනායක පොලිස් කණ්ඩායම් එක්ව ප්‍රදේශය පුරා දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සිරුර හමුවී තිබේ.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

අදාළ ව්‍යාපාරිකයා අතුරුදන් වූ දින සිට ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ විමර්ශනවලදී ඔහු ගමන් ගත් මාර්ගය ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ අතර, අවසානයේ කහවතුකන්දේ හුදෙකලා ප්‍රදේශයක පිහිටි මෙම පතල තුළ තිබී සිරුර හඳුනාගෙන ඇත.

හානුක රාජපක්ෂ එයාගේ අත්දෙකෙන්මයි ඒ මාලේ මට දැම්මේ - මාල කේස් එකට ඇප ලැබුණු හර්ෂි සිදුවූ සියල්ල පාපොච්චාරණය කරයි

හානුක රාජපක්ෂ එයාගේ අත්දෙකෙන්මයි ඒ මාලේ මට දැම්මේ - මාල කේස් එකට ඇප ලැබුණු හර්ෂි සිදුවූ සියල්ල පාපොච්චාරණය කරයි

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් වෙනත් අනතුරක්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත නිගමනයකට පැමිණ නොමැති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.