ශ්රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ ඉල්ලා අස් වෙයි
ශ්රීලන්කන් එයාර්ලයින්ස් සහ ශ්රීලන්කන් කේටරින් යන සමාගම්වල සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සරත් ගණේගොඩ මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම ඉල්ලා අස්වීම 2026 මාර්තු 31 දින සිට ක්රියාත්මක වන පරිදි ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ඒ අනුව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් ස්ථිර සභාපතිවරයෙකු පත් කරන තෙක්, එම සමාගම් දෙකෙහිම වැඩබලන සභාපතිවරයා වශයෙන් ඒ. කේ. ඩී. ඩී. ඩිමාල් අරන්දර මහතා කටයුතු කරනු ඇති බව සඳහන්.
මේ අතර අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ රොහාන් ගුණතිලක මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
කෙසේ වෙතත් සරත් ගණේගොඩ සහ රොහාන් ගුණතිලක යන අය සිය සේවා කාලය තුළ ලබාදුන් දායකත්වය අධ්යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය විසින් අගය කර තිබෙනවා.