පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් - හෙට දිනය දක්වා වලංගු නවතම නිවේදනය මෙන්න
පළාත් කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ .
අද (07) ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (08) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇත.
සබරගමුව, උතුරු, උතුරු - මැද, වයඹ, නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
