ඉතිහාසයේ පළවෙනි වතාවට රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවලා තියෙනවා - පාර්ලිමේන්තුවෙන් රටටම ඇහුණු සුබ ආරංචිය

Report

ඉතිහාසයේ පළමුවරට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවා ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (07) දින පාර්ලිමේන්තුවේදීයි.

ඒ අනුව එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

"දශක ගණනාවක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා, අමාත්‍යාංශ හසුරුවලා, රට විනාශ කරපු බංකලොත් කරපු රටක් තමයි අපි භාරගත්තේ. දැන් අපිට ඇවිත් උපදෙස් දෙනවා ප්‍රගති වාර්තාව, එල් බෝඩ් එක ගැන. ඔවුන්ගේ දේශපාලන පක්ෂත් දැන් විනාශ වෙලා නන්නත්තාර වෙලා යන එන මං නැතිවී තිබෙනවා. අපි රට භාර අරගෙන එක අවුරුද්දක් ඇතුළත, පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 109 ආසන්නයට ළං වුණා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවලා තියෙනවා. ඔයගොල්ලෝ වසර ගාණක් තිස්සේ විනාශ කළ ආර්ථිකය. ඔය කියපු එල් - බෝඩ් ආණ්ඩුව ආර්ථිකය ඉතාමත් යහපත් ලෙස අවුරුදු එකහාමාරක් ඇතුළත ස්ථාවරව හදලා තියෙනවා. ඒ නිසා තමයි එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ, දිට්වා හානි පියවන්න, රුපියලක්වත් ණය ගන්නේ නැතිව භාණ්ඩාගරයෙන් ගන්නේ කියලා."

ඔන්ලයින් වාහන ලියාපදිංචියට අවස්ථාව දෙනවා කිව්වා - මිනිස්සු වාහන අරන් දුක් විදිනවා මොකක්ද විසදුම?

ඔන්ලයින් වාහන ලියාපදිංචියට අවස්ථාව දෙනවා කිව්වා - මිනිස්සු වාහන අරන් දුක් විදිනවා මොකක්ද විසදුම?

ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ ඇප අවලංගුයි? ඇප තියන්න ආපු දෙන්නත් අත්අඩංගුවේ

ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ ඇප අවලංගුයි? ඇප තියන්න ආපු දෙන්නත් අත්අඩංගුවේ