ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ ඇප අවලංගුයි? ඇප තියන්න ආපු දෙන්නත් අත්අඩංගුවේ
වත්තකින් අහුලාගත් දෙදෙනෙකු ඇප තැබීමට අධිකරණයට ඉදිරිපත් කර ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකරුගේ ඇප අවලංගු කර නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් ඉල්ලා අල්ලස් කොමිසම අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වා ඇත.
මෙම ඉල්ලීම ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ එම සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරන්නැයි ගොනුකළ මෝසම කැඳවූ අවස්ථාවේදී සිදු කර ඇති බව වාර්තා වේ.
එසේම එහිදී අල්ලස් කොමිසම වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සැකකාර කපිල චන්ද්‍රසේන 1997 අංක 30 දරණ ඇප 5 සහ දූෂණ විරෝධී පනතේ වැරදි සිදුකරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර තිබෙන බවයි.
අඳාළ මෝසම ගොනු කර ඇත්තේ අධිකරණය මඟින් නියම කළ රුපියල් ලක්ෂ සියයක ශරීර ඇප දෙකක් සඳහා ඇප තැබීමට රුපියල් 15000 බැගින් ගෙවා පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්.
"ගෙවල්වලට ගහන්න කිව්වේ ලිපිනයක් නැති අය, බැටකෑවේ අපි" - අරගල සමයේ සාගර කළ ප්‍රකාශ ගැන දොලවත්ත හෙළි කරයි
ඒ අනුව අදාළ සැකකරුවන් දෙදෙනා කෙසෙල් වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්, මෙම කරුණු මාධ්‍යවල පළවී ඇති බවත් සඳහන් කළ අල්ලස් කොමිසම සැකකරුගේ ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇත.
අඳාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ කරුණු සලකා බැලීම පසුවට කල් තබා ඇති බව සඳහන්.