පළමු ශ්‍රේණියට ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මේ අයත් සම්බන්ධ කර ගත යුතුයි - අගමැතිනිය

Report

පළමු ශ්‍රේණියට ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධීක්ෂණයට සකස් කරන විධිමත් ක්‍රියාවලියට ගුරු උපදේශකවරුන් ද සම්බන්ධ කර ගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව ඇය මේ බව සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ පස්වන සභාවාරය ඊයේ (06) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇයගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදීයි.

එහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය කරමින්, ඉදිරි කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡාවට ලක්ව ඇත.

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

මේ අතර අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී ඇත්තේ ඩිජිටල් කාර්යසාධක බලකායේ නිර්දේශ අනුව පාසල් තුළ තාක්ෂණික පහසුකම් සංවර්ධනයට අදාළ සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, නව ඉගැන්වීම් ක්‍රියාවලිය ඔස්සේ සිසුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය වීම නිශ්චිත මිනුම් ක්‍රමවේදයක් මඟින් ඇගයීමට ලක් කළ යුතු බවත් ය.

එසේම ඇය පවසා ඇත්තේ මොඩියුල සමාලෝචන ක්‍රියාවලියේදී ඒ ඒ විෂය ක්ෂේත්‍රවල විශේෂීකරණය වූ දැනුමක් සහිත පාර්ශ්වයන්ගේ සහය ලබා ගැනීමෙන් එම ක්‍රියාවලිය වඩාත් ඵලදායී කරගත හැකි බවයි.

ඊට අමතරව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ ඉගැන්වීම් රටාවේ සිදුවන වෙනස්කම් සහ එමඟින් සිසුන්ට හිමිවන ප්‍රතිලාභ පිළිබඳ සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසා ඇත.

ඔන්ලයින් වාහන ලියාපදිංචියට අවස්ථාව දෙනවා කිව්වා - මිනිස්සු වාහන අරන් දුක් විදිනවා මොකක්ද විසදුම?

ඔන්ලයින් වාහන ලියාපදිංචියට අවස්ථාව දෙනවා කිව්වා - මිනිස්සු වාහන අරන් දුක් විදිනවා මොකක්ද විසදුම?

මේ අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව විසින් මේ දක්වා ක්‍රියාත්මක කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

අඳාළ වාර්තාවට අනුව ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුලුනු පහ යටතේ පත්කළ නව කමිටු, මොඩියුල සම්පාදනය, ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම, ගුරු පුහුණු වැඩසටහන් සහ පාසල්වල යටිතල පහසුකම් හා ඩිජිටල් උපකරණ සංවර්ධනය පිළිබඳ තොරතුරු සහ සංඛ්‍යා දත්තද ඉදිරිපත් කර ඇත.

එම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වී තිබෙනවා.

වසර තුනක් තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක් ඇමති විජේපාලගෙන් අනාවරණයක්

වසර තුනක් තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක් ඇමති විජේපාලගෙන් අනාවරණයක්