පා. මන්ත්‍රී ඇඳුම් අල්මාරි එක්ක සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම පරික්ෂාවට - හේතුව මෙන්න
දිවයිනට අද (07) දින පස්වරුවේ පැමිණෙන වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් හෙට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව සඳහන්.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ඒ අනුව අද(07) දින පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ විවේක කාමර, අල්මාරි ඇතුළු සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මේ යටතේ පරික්ෂාවට ලක්කෙරෙන බවයි.