ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන නැවත අත්අඩංගුවට ගැනීමට නියෝග
ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (7) දින නියෝගයක් නිකුත් කර ඇත.
ඒ අනුව අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.