කඩවත බිහිසුණු අනතුරින් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි
කඩවත බස් නැවතුම්පොළ අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත පොලීසිය සදහන් කළේ බස් රථයක් කඩවත බස් නැවතුම්පළතුළට ධාවනය කරන අවස්ථාවේ දී පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි .
අනතුරින් තුවාල ලැබූ 49 හැවිරිදි පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන් වේ
මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තවද සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.