කාගෝ එක හරහා බඩු ගෙන්වන ඔයාටත් මෙහෙම වුණා ද - කාගෝ එක සම්බන්ධයෙන් පැමිණිල්ලක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක පූජිත හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා තැබීම නිසා ජාත්‍යන්තර නැව් ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි පවසමින් ඇතැම් නැව් භාණ්ඩ තැරැව්කාර සමාගම් විදේශවල රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන ලද තමන්ගේ පෞද්ගලික භාණ්ඩ පෙට්ටි සඳහා නීතිවිරෝධී ලෙස අමතර මුදල් ඉල්ලා සිටින බවට බරපතළ චෝදනාවක් එල්ල වෙයි.

එම අසාධාරණ අමතර මුදල් සම්පූර්ණයෙන්ම ගෙවන තෙක් අදාළ භාණ්ඩ පෙට්ටි කිසිසේත්ම නිදහස් නොකරන බවට එම සමාගම් තර්ජනය කරන බව විදේශ රැකියා කරන මෙරට අසරණ පුරවැසියෝ ඉතාමත් කණගාටුවෙන් යුතුව පවසති.

උසස් පෙළ විභාගය මාස තුනකට කලින් තියලා - විභාගේ ලියන්නේ අගමැතිනි නෙමෙයිනේ ඒ දරුවොනේ එහෙනම් ඒ දරුවන්ගේ ප්‍රශ්ණෙට රජය කන්දෙන්න - දරුවන් වෙනුවෙන් සංවේදී වූ චාමර

උසස් පෙළ විභාගය මාස තුනකට කලින් තියලා - විභාගේ ලියන්නේ අගමැතිනි නෙමෙයිනේ ඒ දරුවොනේ එහෙනම් ඒ දරුවන්ගේ ප්‍රශ්ණෙට රජය කන්දෙන්න - දරුවන් වෙනුවෙන් සංවේදී වූ චාමර

මෙලෙස මහජනතාව සූරාකන අදාළ වංචනික නැව් භාණ්ඩ තැරැව්කාර සමාගම් රැසක් පිළිබඳව මේ වන විට කොළඹ සහ ඒ අවට ප්‍රධාන පොලිස් ස්ථාන වෙත නිල වශයෙන් ලිඛිත පැමිණිළි ඉදිරිපත් කළ බව විදේශ රැකියා නියුක්තිකයෝ ප්‍රකාශ කරති.

තමන් එම භාණ්ඩ පෙට්ටි අදාළ සමාගම්වලට මුලින්ම භාරදෙන අවස්ථාවේදී නියමිත සම්පූර්ණ මුදල නීත්‍යානුකූලව ගෙවා ඇති බව ද ඔවුහු මෙහිදී විශේෂයෙන්ම සඳහන් කර සිටිති.

ඇතැම් හොර නැව් භාණ්ඩ තැරැව්කාර සමාගම් තමන් දැනට ක්‍රියාත්මක වන නිශ්චිත කාර්යාලීය ස්ථානයක් පවා හෙළි කිරීමට අකමැත්ත ප්‍රකාශ කරන බව පෙන්වා දෙන විදේශ රැකියා නියුක්තිකයෝ මෙම අමතර මුදල් ගෙවියයුතු නිසි ස්ථානයක් ප්‍රකාශ නොකර වංචනික ලෙස මුදල් අන්තර්ජාලය ඔස්සේ පමණක් තමන් වෙත ගෙවන ලෙස බල කරමින් උපදෙස් දෙන බව ද සඳහන් කරති.

මෙලෙස ඉල්ලා සිටින අමතර මුදල් නොගෙවා සිටීමේදී තමන් මහන්සියෙන් එවූ වටිනා භාණ්ඩ පෙට්ටි සිතාමතාම විනාශ කිරීම හෝ ඒවා තුළට කිසිදු දැනුම්දීමකින් තොරව විවිධ තහනම් භාණ්ඩ ඇතුල්කර තමන්ව නීතියට හසුකිරීමේ දැඩි අවදානයමක් පවතින බව විදේශ රැකියා නියුක්තිකයන් පවසති. එබැවින් සිය පෞද්ගලික ජීවිත මෙන්ම දේපළ ආරක්ෂාව සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සෘජු ආරක්ෂාව සහ මැදිහත්වීම තමන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වන බව ද ඔවුහු කියා සිටිති.

මේ අතර ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතාගෙන් රට තුළ උද්ගතව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව විශේෂ විමසීමක් කළ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙම පෞද්ගලික තැරැව්කාර සමාගම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට සෘජුවම කළහැකි නීතිමය දෙයක් නොමැති බවයි.

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

එබැවින් අගතියට පත් පාර්ශවයන් අදාළ භාණ්ඩ ගබඩා කර ඇති ස්ථානයට සෘජුවම ගොස් නිලධාරීන් සමඟ සාකච්ඡා කර තමන්ගේ භාණ්ඩ පෙට්ටි කඩිනමින් නිදහස් කරගැනීමට පෞද්ගලිකව කටයුතු කරගතයුතු බව ද රේගු අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.