අපේක්ෂාවේ බලාපොරොත්තු වැහෙයි

Report

වෛද්‍යවරුන් නොමැති වීම නිසා මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකක තුනෙන් එක් ඒකකයක් වසා දමා ඇත.

ඒ අනුව රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමකින් යුත් උපකරණ සමග එසේ වසා දැමීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සඳහන්.

මෙම දැඩි සත්කාර ඒකකය කොවිඩ් වසංගතය පැවති සමයේ ආරම්භ කර ඇති අතර, එකවර රෝගීන් සිව් දෙනෙකුට ප්‍රතිකාර කළ හැකි පහසුකම් එහි තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

එමෙන්ම ඒ සඳහා ඇඳන් 4ක්, කෘතිම ස්වසන යන්ත්‍ර (ventilators) 3ක්, ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් උපකරණ ඇති බව ද වාර්තා වේ.

මේ අතර එම වාර්තාවලට අනුව එක් ඇඳක වටිනාකම රුපියල් ලක්ෂ 15ක් වන අතර, එක් කෘතිම ස්වසන යන්ත්‍රයක් රුපියල් කෝටි දෙකකට වඩා වැඩි වටිනාකමක් දරන බව ද සඳහන්.

එසේම රෝහල් ආරංචි මාර්ග දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාමට අවශ්‍ය සෙසු කාර්ය මණ්ඩලය රෝහලේ සිටියත්, වෛද්‍යවරුන්ගේ හිඟය නිසා එය වසා දමා ඇති බව වැඩිදුරටත් පවසයි.

එමෙන්ම ඔවුන් දක්වන්නේ රෝහලේ සැලසුම් අංශයේ වෛද්‍යවරුන් 5 දෙනෙක් සහ තොරතුරු තාක්ෂණ අංශයේ වෛද්‍යවරුන් දෙදෙනෙක් සේවය කරන බවයි.

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

එබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව වහාම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කරන ලෙසයි.

මේ අතර මේ සම්බන්ධයෙන් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මෙසේ පැහැදිලි කර ඇත.

"එම දැඩි සත්කාර ඒකකය සම්පූර්ණයෙන්ම වසා දමා නැහැ. රෝහලේ අවශ්‍ය තරම් වෛද්‍යවරුන් නැති නිසා, එම ඒකකයට බරපතළ තත්ත්වයේ සිටින රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ වෙනුවට, මධ්‍යස්ථ මට්ටමේ රෝගීන් පමණක් එම ඒකකයට ඇතුළත් කරනවා. වෛද්‍යවරුන්ගේ හිඟය නිසා අපට මෙම තීරණය ගැනීමට සිදුවුණා."

වස්තු සම්පත් උතුරන අතමිට සරුවෙන මේ ලග්නවලට අද සුපිරි ග්‍රහයෝගයක්

වස්තු සම්පත් උතුරන අතමිට සරුවෙන මේ ලග්නවලට අද සුපිරි ග්‍රහයෝගයක්