හෝමාගම, පිටිපන සහ මාහේනවත්ත ප්‍රදේශවලට සුබ වෙන තීරණයක් - කැබිනට් අනුමැතිය හිමි වෙයි
හෝමාගම, පිටිපන සහ මාහේනවත්ත ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක තාක්ෂණික නගර ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව නවෝත්පාදනය සහ දැනුම කේන්ද්‍ර කරගත් තාක්ෂණය මත පදනම්ව රටේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබාදීමේ අරමුණින් මෙම තාක්ෂණික නගර ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව සඳහන්.
එසේම හෝමාගම නගරයේ රථවාහන තදබදය අවම කර තාක්ෂණික නගරයට සෘජු ප්‍රවේශයක් ලබාදීමට හෝමාගම වලව්වත්ත සිට කටුවාන හරහා බටහිර අතුරු මාර්ගය ඉදිකිරීම 2020 වසරේදී ආරම්භ කර ඇත.
එමෙන්ම එය හයිලෙවල් මාර්ගය හා සම්බන්ධ කිරීමට තවත් මීටර් 50ක පමණ මාර්ග කොටසක් ඉදිකිරීමට ඉතිරිව ඇති බව සඳහන්.
එසේම ශ්‍රී ලංකා හරිත සරසවියේ සිට ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය දක්වා වූ මාර්ගය මඟින් පිටිපන, දාම්පේ මාර්ගය, තාක්ෂණික නගරයේ අභ්‍යන්තරය ඔස්සේ කොට්ටාව–තලගල මාර්ගය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත.
අඳාළ මාර්ගයේද තවත් මීටර් 650ක පමණ කොටසක් ඉදිකිරීමට ඉතිරිව ඇති බව වාර්තා වේ. එබැවින් එම මාර්ග කොටස් දෙකේ ඉතිරි ඉදිකිරීම් කටයුතු දේශීය අරමුදල් යොදා ගනිමින් අවසන් කිරීමට ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.