දෙදරු පියාට පසු පසින් එල්ල වු ඇඟ කිලිපොලා යන මාරාන්තික ප්‍රහාරය කැමරා ඇසින්..(CCTV VIDEO)

murder party Homagama bar cctv video
By Sewvandhi Jan 02, 2022 10:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 මහමඟ ගමන් ගත් පුද්ගලයෙකුට පිටුපසින් පැමිණි පිරිසක් විසින් ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණි. එම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබේ.

ජනතාව බලා සිටියදී එම ප්‍රහාරය එල්ලවී තිබූ අතර සිද්ධියෙන් ඝාතනය වී තිබුණේ 43 හැවිරිදි දෙදරු පියෙකි. ඊයේ (01) හෝමාගම ප්‍රදේශයේ මාර්ගයකදී එම පහරදීම සිදුවී තිබුණි. න

ව වසර උදාව සැමරීම සඳහා ඊයේ හෝමාගම ප්‍රදේශයේ අවන්හලක මත්පැන් සාදයක් පවත්වා තිබේ. එම සාදය අතරතුරදී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති අතර පසුව අදාළ පුද්ගලයා අවන්හලෙන් පිටව යන අවස්ථාවේදී පිරිසක් පැමිණ මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව අනාවරණය වී ඇත.

පහරකෑමට ලක්වූ පුද්ගලයා පැය භාගයකට ආසන්න කාලයක් මාර්ගය අසල වැටී සිට ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි ත්‍රීරෝද රථ රියදුරකු විසින් ඔහුව රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබුණි.

එලෙස මියගොස් ඇත්තේ, හෝමාගම, කිරිවත්තුඩුව පන්සල පාර ප්‍රදේශයේ පදිංචි ජේ. ඒ සමන්සිරි නමැති 43 හැවිරිදි දෙදරු පියෙකි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන අති අතර ඔවුන් අද (02) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now