හෝමාගම ගින්න ගැන අනාවරණයක්
By Sewvandhi
හෝමාගම - කටුවන කර්මාන්තපුරයේ රසායනික කර්මාන්තශාලවක් ඊයේ (17) ගිනි ගැනීමට ලක් වුණා. ගිනි ගැනීමට ලක් වූ හෝමාගම කර්මාන්ත ශාලාව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් අත්හි බව මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
කර්මාන්තශාලාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් නිරික්ෂණය කිරීමට අද (18) රජයේ රස පරික්ෂකවරයා එහි පැමිණීමට නියමිතයි.
කොළඹ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා විශේෂ දැනුම් දීමක් කරමින් පැවසුවේ රසායනික ද්‍රව්‍ය කර්මාන්තශාලාවේ හටගත් ගින්න හේතුවෙන් පරිසරයට එල්ල වී ඇති බලපෑම නිසා අවට ජනතාවට මුඛ ආවරණ පළදින ලෙස දන්වා ඇති බවයි.
