ඒඩ්ස් නොමැති අයටත් කරන්න යන දේ මෙන්න..අවධානම් තත්ත්වයක්.

Sri Lanka Drugs Gossips HIV aids Rasanjalee hettiarachchi
By Aruna Nov 30, 2021 02:56 AM GMT
Aruna

Aruna

Report

එච්.අයි.වී. වෛරසය ආසාදනය වී නොමැති එහෙත් අවදානම් තත්ත්වයේ පසුවන පුද්ගලයින්ට ඒ සඳහා භාවිත කරන ඖෂධ ලබාදීමට සූදානම් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි කියා සිටියේ, වෛරසය පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බවයි.

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ දත්තවලට අනුව මෙරට එච්.අයි.වී. ආසාදිතයින් 3700ක් පමණ සිටිනවා.

එහෙත් ප්‍රතිකාර සඳහා යොමුව ඇත්තේ 2600ක පමණ පිරිසක් පමණයි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම සංඛ්‍යාව ද පහත වැටී ඇති අතර මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු වන්නේ 363ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවයි වාර්තා වන්නේ.

ඊට පිළියමක් ලෙස ස්වයං එච්.අයි.වී. පරීක්ෂණ කට්ටල නොමිළේ ලබාදීමට ද වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now