තත්ත්වය සංකීර්ණයි - ලොවම උණුසුම් කරමින් අද දවස තුළ යළිත් වතාවක් තෙල් මිල දැවැන්ත ලෙස ඉහළ යයි [UPDATE]

Report

මැදපෙරදිග කලාපයේ හමුදාමය උද්වේගකාර තත්ත්වයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ යේමනයේ හූති කැරැලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ සෞදි ඇරැම්කෝ (Saudi Aramco) සමාගමේ ධහ්රාන් හි පිහිටි ප්‍රධාන මූලස්ථානයෙන් සේවකයින් ඉවත් කර ගැනීමට සිදුවීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ යාත්‍රා කෙරෙන නෞකා වෙත ප්‍රහාර එල්ල කළ බවට ඉරානය විසින් ප්‍රකාශ කිරීම බව සඳහන්.

ලෝකෙටම නරක ආරංචියක් - තෙල් මිල තවදුරටත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ලෝකෙටම නරක ආරංචියක් - තෙල් මිල තවදුරටත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

එබැවින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මැයි 5 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කරමින් එක්සත් ජනපද ඩොලර් 115 සීමාවට ආසන්න වෙමින් පවතින බව වාර්තා වේ.

එසේම ඩබ්ලිව්.ටී.අයි (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද යළිත් වතාවක් ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර විශ්ලේෂකයින් පවසන්නේ කලාපීය ආරක්ෂිත තත්ත්වය තවදුරටත් සංකීර්ණ වීමත් සමඟ ඉදිරි දිනවලදී ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් වෙනස් වීමේ ප්‍රවණතාවක් පවතින බවයි. 

ලෝකයම ගිනි අවුලමින් ඉන්ධන මිල ගණන් සංශෝධනය - නව අගයන් මෙන්න

ලෝකයම ගිනි අවුලමින් ඉන්ධන මිල ගණන් සංශෝධනය - නව අගයන් මෙන්න

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි