ඉරාන පාසලට එල්ල වූ බිහිසුණු ප්රහාරයට AI සම්බන්ධද? - CIA හිටපු ප්රධානියාගෙන් ප්රකාශයක්
ඉරානයේ මිනාබ් නගරයේ පාසලකට එල්ල වූ ප්රහාරයේදී අවසන් තීරණය ගනු ලැබුවේ කෘත්රිම බුද්ධිය නොව මිනිසෙකු විසින් බව ඇමෙරිකානු මධ්යම බුද්ධි ඒජන්සියේ (CIA) හිටපු අධ්යක්ෂ ඩේවිඩ් පෙට්රේයස් පවසයි.
එම තීරණය ගැනීමේදී ඉලක්ක හඳුනාගැනීම සඳහා AI තාක්ෂණයේ සහාය ලැබුණු බවද ඔහු සඳහන් කර ඇත.
NDTV World Summit 2026 සමුළුවේදී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, මැදපෙරදිග සහ යුක්රේනය වැනි ප්රදේශවල මෙහෙයුම්වලදී වැරදි සිදුවී තිබුණද, අවසාන වශයෙන් ප්රහාරයක් එල්ල කිරීමේ තීරණය මිනිසුන් විසින් ගන්නා බවයි.
මිනාබ් නගරයේ ෂජරා ටයෙබේ ප්රාථමික පාසල පිහිටි ස්ථානයට එල්ල වූ ප්රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 156 දෙනෙකු මියගිය බව වාර්තාවේ සඳහන් වේ.
මියගිය පිරිස අතර අවම වශයෙන් ළමුන් 123 දෙනෙකු සිටි බවද එහි දැක්වේ. AI පද්ධතිය ඉලක්ක තෝරාගැනීමට බලපෑ බවට වාර්තාවක් කෙසේ වෙතත්, මීට පෙර Bloomberg සිදුකළ විමර්ශනයකින් වාර්තා කර තිබුණේ, ඉරානයට එරෙහි ප්රහාර සඳහා ඉලක්ක තෝරාගැනීමේදී ඇමෙරිකානු හමුදාව AI තාක්ෂණය මත අධික ලෙස රඳා සිටි බවයි.
''මියගිය පැටවා අත්නොහැර හොඬයෙන් රැගෙන ගිය ඇතින්න'' - ලොවම සංවේදී කළ නැමීබියාවේ හුවාබ් ගංගා නිම්නයේදී සම්මානනීය ඡායාරූපය
එම වාර්තාවට අනුව, ඇමෙරිකානු මධ්යම අණදෙන මූලස්ථානය (CENTCOM) යටතේ ක්රියාත්මක වූ ඇතැම් නිලධාරීන්, ඉලක්ක හඳුනාගැනීමට සහ ප්රහාර සැලසුම් කිරීමට Maven Smart System නම් AI පද්ධතිය භාවිත කර තිබේ.
මීට වසර දහයකට පමණ පෙර ඉදිකරන ලද අදාළ පාසල, කලින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික ඒකකයක් පැවති භූමියක පිහිටා තිබීම හේතුවෙන්, නිවැරදි නොකළ වර්ගීකරණයක් යටතේ හමුදා ඉලක්කයක් ලෙස පද්ධතියට ඇතුළත් වී තිබූ බවද වාර්තාව සඳහන් කරයි.
Palantir Technologies සමාගම විසින් සංවර්ධනය කර ඇති Maven පද්ධතිය, විවිධ දත්ත මූලාශ්ර 150කට වැඩි සංඛ්යාවක් භාවිත කරමින් හමුදා මෙහෙයුම් සම්බන්ධ තීරණ ගැනීමට අණදෙන නිලධාරීන්ට සහාය ලබාදෙයි.
පෙට්රේයස් අවධාරණය කර ඇත්තේ, අනාගතයේදී AI මඟින් තීරණ ගැනීමේදී පවා මිනිසුන් විසින් නිශ්චිත නිර්ණායක සහ උපදෙස් සකස් කිරීම වැදගත් වන බවයි.