"මම එළියට බහිද්දි වැ‌ඩේ ඔක්කොම වෙලා ඉවරයි" හිරු කිරුළ දිනපු චමෝද් වේදනාවෙන් කියපු දේ-VIDEO UPDATED

By Dilasha Mar 18, 2025 04:15 AM GMT
Report

මෙවර Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්කගේ මෝටර් රථයට කිසියම් පුද්ගලයෙක් ගිනි තබා විනාශ කර ඇති පුවතක් වාර්තා වේ.

අනුරාධපුර පිහිටි ඔහුගේ නිවසේදී අද (18) අලුයම 1.42ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ.

සිදුවීම සම්බන්ධව චමෝද් කවිෂ්ක පවසා සිටියේ,

“අද උදේ 1.42ට විතර ගිඩින් ගාලා සද්දයක් ආවා. මම එළියට බහිද්දි මුළු වාහනේම ගිනි අරන් ඉවරයි. මගේ වාහනේ කවුරුහරි ගෙදර නතර කරලා තියෙද්දි පෙට්‍රල් දාලා ගිනි තියලා තියෙනවා.මම එළියට බහිද්දි මුළු වාහනේම ගිනි අරන් ඉවරයි. බොහෝම ස්තූතියි මේක කරපු කෙනාට. බොහෝම ස්තූතියි.” යනුවෙනි.

සිදුවීම සම්බන්ධයෙන් තවමත් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අනුරාධපුර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 

වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


හෙලිදරව්වකට සුදානම් වන ලහිරු? මොකද්ද මේ කතාව

හෙලිදරව්වකට සුදානම් වන ලහිරු? මොකද්ද මේ කතාව