වයස කීය වුණත් ආයේ මේ අයට දුම්කොළ නිෂ්පාදන ගන්න බැරිවෙන ලකුණු - දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙන් යෝජනාවක්
"දුම්කොළවලින් නිදහස් පරපුරක්" (Tobacco-Free Generation) යෝජිත වැඩපිළිවෙළ කඩිනමින් සම්මත කර නීතියක් බවට පත්කරන ලෙස ඉල්ලා හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමය (WDF) ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිටට රැස්වෙයි.
හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමයේ කාන්තාවන් 300කට අධික පිරිසක් ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට මාර්ගයට රැස්වෙමින් තම ඉල්ලීම ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
2026 සැප්තැම්බර් 25 වන දින පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 දක්වා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම රැස්වීම පැවැත්වෙයි.
2024 වසරේදී, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මෙම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලෙස ගරු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.
මෙම යෝජනාවට අනුව, 2010 වසරේදී හෝ ඉන් පසුව උපත ලැබූ කිසිඳු දරුවෙකුට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සපුරා තහනම් වේ.
එනම්, 2031 වසරේදී වයස අවුරුදු 21 සපිරෙන තරුණ දරුවන්ට කිසිදා නීත්‍යානුකූලව දුම්කොළ මිලදී ගැනීමට නොහැකි වනු ඇත.
මෙම යෝජනාව 2025 දී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් යළිත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර, 2026 අප්‍රේල් මාසයේදී දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් නැවතත් සෞඛ්‍ය අමාත්‍යතුමාට මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර තවමත් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර නැත.