රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ගේ තොරතුරු වෙනුවෙන් - GovHR ඩිජිටල් පද්ධතිය සූදානම්
රටේ ඉදිරිගමන වෙනස් කිරීම සඳහා ඩිජිටල්කරණය ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරන බව අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණ තොරතුරු ඇතුළත් GovHR නවීන ඩිජිටල් පද්ධතිය රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මෙන්ම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව නිල වශයෙන් ජනගත කර ඇත.
ඒ අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ය.