අකුණු අධිවේගී මාර්ගය උණුසුම් කළ බිහිසුණු රිය අනතුර..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුම සහ කුරුගහ ඳුහැතැක්ම පිවිසුම අතර කිලෝමීටර් 53 දශම 3 දි අද (4) අලුයම එලවලු පටවා ගත් ලොරි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී පැයකට ආසන්න කාලයක් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසියේ සඳහන්කළේ.
පොලිසිය කියාසිටියේ, මාතර දෙස සිට එළවළු පටවා ගත් ලොරි දෙකක් කොළඹ දෙසට ධාවනය වීමේදී ඉදිරියෙන් ගමන් ගත් ලොරියට පිටුපසින් පැමිණි බහලුම් පෙට්ටියක් සවිකළ රථය ඉස්සර කිරීමට යාමේදී එකිනෙක ගැටී ඉදිරියෙන් ගමන් ගත් එළවළු රථය මාර්ගයේ පෙරලීමෙන් මෙම අනතුර වී සිදු වූ බවයි.
මෙම අනතුරත් සමගම කොළඹ දෙසට මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගිය අතර මාතර දෙස සිට කොළඹ කරා යන වාහන කුරුඳු ගහ හැතැක්ම පිවිසුමෙන් පිට කර සාමාන්‍ය මාර්ගය හරහා යළි වැලිපැන්න පිවිසුමටපැමිණ අධිවේගී මාර්ගයට පිවිස ධාවනය කිරීමට උපදෙස් ලබා දුන් බව පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළා.
You May Like This Video