අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක්..
Southern Province
Accident
Landslide In Sri Lanka
By Aruna
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 102 වන කිලෝමීටර් කණුව ආසන්නයේ පස්කඳු කඩාවැටීම නිසා එම කොටස ඊයේ රාත්‍රීයේ සිට අවහිර වී තිබෙනවා.
මේ හේතුවෙන් තවදුරටත් පින්නදූව සහ ඉමදුව අන්තර් හුවමාරු භාවිත කරන ලෙසයි අධිවේගී මාර්ග නඩත්තු ඒකකය දැනුම් දී ඇත්තේ.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය රියදුරන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙන්නේ, දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉමදූවෙන් පිටවී කොළඹ දෙසට යන විට නැවත පින්නදූවෙන් ඇතුළු වන ලෙසයි.
අදාළ අනතුර හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු ද තුවාල ලබා තිබේ.
මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන් අවධානයෙන් කටයුතු කරන්නැයි පොලීසියට දැනුම්දී ඇත.
