භයානක Omicron ගැන පළමු සාක්ෂිය එළියට එයි - භයානක පරීක්ෂණ ප්‍රතිඵලයක් (VIDEO)

By Sithumi Dec 04, 2021 09:55 AM GMT
Sithumi

Sithumi

Report

මුල්වරට දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි බවට සාක්ෂි ඉදිරිපත් කර තිබේ.

මෑත කාලීනව එරට තුළ කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය වූ පුද්ගලයින්ගේ ඉහළයාමක් ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වී තිබුණි. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ මෙලෙස එකම පුද්ගලයෙකුට වුවද යළි යළිත් වෛරසය ආසාදනයවීමේ හැකියාව පවතින බවය.

නව ප්‍රභේදය දකුණු අප්‍රිකාව තුළ ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළ යාමකට හේතුවිය හැකි බවට බලධාරීන් දැනටමත් අනතුරු අඟවා තිබේ. මේ අතර එක්සත් රාජධානිය තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනයවූ සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අංශ අනාවරණ කරන්නේ ඉන් බහුතරය පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටින පුද්ගලයින් බවය. ඒ අතර වේල්සයේ පළමු ඔමික්‍රෝන් ආසාදිතයා අද වාර්තා වුණි. නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ එක්සත් රාජධානිය දැනටමත් නව ප්‍රභේදයේ ග්‍රහණයට නතු වෙමින් පවතින බවය.

විකෘතිතා රැසකින් සමන්විත ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයේ ජානමය කොටස් අඩංගු වන බවට විද්‍යාඥයින් පිරිසක් අනාවරණ කරගෙන තිබෙනවා.

ඇමරිකාවේ මැසචුසෙට් හි දත්ත විශ්ලේෂණ ආයතනයක් මගින් සිදුකර ඇති අධ්‍යයනයකට අනුව, මේ හේතුවෙන් ඔමික්‍රොන් වෛරසය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යා හැකියි.

ප්‍රතිශ්‍යා වෛරසයේ අදාළ ජාන කොටස් මගින් ඔමික්‍රොන් ප්‍රභේදයට ආගන්තුක නොවන ලෙසින් මිනිස් සිරුරට ආසාදනය වීමේ හැකියාව ලැබී තිබෙනවා.

ඔමික්‍රොන් හි ශීඝ්‍ර ව්‍යාප්තිය තහවුරු වුවත් එමඟින් දැඩි ආබාධ තත්ත්වයක් ඇති වන්නේ ද යන්න තහවුරු කරගැනීමට තවත් පැති කිහිපයක් ගතවනු ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now